ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා හමාස් සංවිධානය කළ යෝජනාව ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරයි
2024-02-08 09:09:12
Share with:

ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට හමාස් සංවිධානය කළ යෝජනාව ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කර තිබේ. හමාස් සංවිධානයේ රැවටිලි සහගත ඉල්ලීම්වලට යටත් වීම තවත් සමූලඝාතනයකට හේතු වනු ඇති බව සඳහන් කරමින් ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu ඊයේ(07) මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කර ඇත.

කටාර් රාජ්‍යය මැදිහත් වෙමින් කළ සටන් විරාම යෝජනාවට ප්‍රතිචාර දක්වමින් ගාසා තීරය පාලනය කරන පලස්තීන සටන්කාමී කණ්ඩායම වන හමාස් සංවිධානය කොන්දේසි මාලාවක් ඉදිරිපත් කිරීමෙන් පැය කිහිපයකට පසුව Benjamin Netanyahu මෙම ප්‍රකාශය සිදු කර තිබේ.

ඊශ්‍රායලයේ රඳවා සිටින පලස්තීන සිරකරුවන් සඳහා ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් විනාශයට පත් ගාසා තීරය ප්‍රතිසංස්කරණය කිරීම ද එම කොන්දේසිවලට ඇතුළත් විය. ඊශ්‍රායල හමුදා සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීමට සහ පවතින යුදමය තත්ත්වය අවසන් කිරීමට හමාස් සංවිධානය උත්සාහ කරමින් සිටින අතර එම සටන් විරාම සැලැස්ම අදියර තුනකින් සමන්විත බව ද වාර්තා වේ.

සිය ස්ථාවරය යළිත් ප්‍රකාශ කරමින් Benjamin Netanyahu කියාසිටින්නේ හමාස් සංවිධානයට විරුද්ධව‍ පූර්ණ ජයග්‍රහණයක් ලබා ගන්නා තුරු ඊශ්‍රායලය අඛණ්ඩව යුද්ධය මෙහෙයවන බවයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම