චීන රුසියා ජනපතිවරු චීන නව වසරට සුබ පැතුම් පිරිනමති
2024-02-08 19:35:18
Share with:

චීන සාම්ප්‍රදායික වසන්ත උත්සවය උදා වීමත් සමග චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා රුසියා ජනාධිපති Vladimir Putin මහතා අද(8) පස්වරුවේ දුරකථන සංවාදයක් පවත්වමින් නව වසරේ සුභපැතුම් එකිනෙකාට පිරිනැමූහ.

වසරක අවසාන‍යේදී එකිනෙකාට සුභපැතුම් යොමු කිරීම, ද්විපාර්ශ්වික සබඳතා වර්ධන ප්‍රතිඵල සාරාංශ කිරීම හා ඒකාබද්ධව අනාගතය වෙත අපේක්ෂා පළ කිරීම නායකයන් දෙදෙනාගේ සාම්ප්‍රදායක් බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. චීන රුසියා රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩැනගීමේ 75 වැනි සංවත්සරය මේ වසරට යෙදී තිබේ. රුසියාව සමග දෙරටේ සබඳතාවේ නව පරිච්ඡේදය බිහි කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව හෙතෙම කීය.

රුසියා ජනාධිපති Vladimir Putin මහතා චීන ජනතාව වෙත ආශිර්වාද සමග සුභපැතුම් යොමු කළේය. චීන සංස්කෘතිය තුළ මකරා බුද්ධිමය හා බලය සංකේතවත් වන බව හෙතෙම පැවසීය. ගෙවී ගිය වස‍ර තුළ රුසියාව හා චීනය අතර විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා සරු ප්‍රතිඵල ලබා ගෙන තිබේ. දෙරටේ සබඳතාව පෙරනොවූ මට්ටමට ළඟා වී තිබේ. ෂී ජින් පිං මහතා සමග සමීප සංවාද පවත්වමින් දෙරටේ විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතාවන් හි නව ප්‍රගතීන් සාක්ෂාත් කර ගැනීමට Vladimir Putin මහතා කැමැත්ත පළ කළේය.

නව වසරේ අඛණ්ඩව සමීප සංවාද හා හුවමාරු පැවැත්වීමට දෙරටේ නායකයෝ එහිදී එකඟ වූහ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම