චීන පෘතුගීසි රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 45 වන සංවත්සරය වෙනුවෙන් දෙරටේ ජනාධිපතිවරුන් ගෙන් සුබ පැතුම්
2024-02-08 17:23:46
Share with:

චීන පෘතුගීසි රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 45 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් චීන ජනාධිපති හා පෘතුගීසි ජනාධිපතිවරු සුභපැතුම් පණිවුඩ හුවමාරු කර ගනිති.

ගෙවී ගිය වසර 45 තුළ අන්‍යෝන්‍ය ගරුකිරීම මත මිත්‍රශීලි සාකච්ඡා මගින් මැකව් විශේෂ පරිපාලන කලාපයේ ප්‍රශ්නය විසඳා ගනිමින් දෙරට පූර්ණ උපාය මාර්ගික හවුල්කාරී සබඳතාව ස්ථාපිත කළ බව ෂී ජින් පිං මහතා සිය පණිවිඩයෙන් සඳහන් කළේය. චීන පෘතුගීසි සබඳතා වර්ධනය ඉහළින් අගය කරමින් Marcelo Rebelo de Sousa මහතා සමග දෙරටේ සබඳතාව අඛණ්ඩව ගැඹුරු කිරීම ප්‍රවර්ධනය කිරීමට කැමැතෙන් සිටින බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමෙන් පසු දෙරටේ සබඳතාව යහපත් ලෙස වර්ධනය වෙමින් මැකව් විශේෂ පරිපාලන කලාපයේ පාලනය සුමටව භාරදීම සාක්ෂාත් කිරීම, චීනය හා පෘතුගීසි භාෂාව භාවිත කරන රටවල් අතර ආර්ථික හා වෙළඳ සහයෝගිතා පිළිබඳ සාකච්ඡා සභාව ප්‍රවර්ධනය කිරීමට හැකිව ඇති බව Marcelo Rebelo de Sousa මහතා එම පණිවුඩයේ සඳහන් කළේය. චීනය සමග දෙරටේ සබඳතාව වඩාත් පුළුල් ලෙස වර්ධනය කිරීමට උත්සාහ දැරීමට කැමැත්තෙන් සිටින බව Marcelo Rebelo de Sousa මහතා කීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම