වාණිජ බැංකුවල ස්ථාවර පහසුකම් ගැන මහ බැංකුවෙන් තීරණයක්
2024-02-08 16:15:25
Share with:

ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වාණිජ බැංකුවල නිත්‍ය පහසුකම් සඳහා විවෘත වෙළෙඳපොළ කටයුතු යටතේ පනවා තිබූ සීමාවන් ලිහිල් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එහි දැක්වෙන්නේ පෙබරවාරි  මස 16 වනදා සිට නිත්‍ය ණය පහසුකම් සඳහා පනවා ඇති සීමා ඉවත් කිරීමටත් නිත්‍ය තැන්පතු පහසුකම් සඳහා පනවා තිබූ සීමා ලිහිල් කිරීමටත් ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇති බවයි.

දේශීය මුදල් වෙළෙඳපොළ නැවත සක්‍රීය කිරීම සහ මූල්‍ය ආයතන අතර තැන්පතු ඒකරාශී කිරීම සඳහා පවතින අධික තරගකාරීත්වය අවම කිරීම තුළින් මෙම ක්‍රියාමාර්ග ධනාත්මක ප්‍රතිඵල ලබා දී ඇති බව මහ බැංකුව නිරීක්ෂණය කර ඇතැයි එම නිවේදනයේ වැඩි දු‍රටත් සඳහන් වේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම