චීනය සමග නිදහස් වෙළඳ ගිවිසුමට ඉක්වදෝර පාර්ලිමේන්තුවේ අනුමැතිය
2024-02-08 09:22:10
Share with:

චීන-ඉක්වදෝර නිදහස් වෙළඳ ගිවිසුමට ඉක්වදෝර පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වේ. එරට ජාතික සභාව ඊයේ (07) පැවැත්වූ පූර්ණ සැසියේ දී කළ ඡන්ද විමසීමකින් එම ගිවිසුම සම්මත කෙරිණ. මීට පෙර එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් එම ගිවිසුම ව්‍යවස්ථාවට අනුකූල බවට තීන්දු කර ඇත.

චීනය, ඉක්වදෝරයේ දෙවැනි විශාලතම වෙළඳ හවුල්කරුවා ය. දෙරට, නිදහස් වෙළඳ ගිවිසුම නිල වශයෙන් අත්සන් තැබුවේ 2023 වසරේ මැයි 11 වැනි දා යි. මේ සමග, ඉක්වදෝරය චීනයේ 27 වැනි නිදහස් වෙළඳ හවුල්කරුවා බවට පත් ව ඇත.

ගිවිසුම ප්‍රකාරව කාණ්ඩ 90% කට අදාළ තීරුබදු චීනය සහ ඉක්ව‍‍දෝරය අන්‍යෝන්‍ය වශයෙන් අහෝසි කරනු ඇත. ඒ අතරින් මූලික වශයෙන් කාණ්ඩ 60%ක් යටතේ අදාළ තීරුබදු කඩිනමින් අහෝසි කිරීමට ද නියමිතය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම