පලස්තීන ජනපති සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් අතර හමුවක්
2024-02-08 10:12:13
Share with:

පලස්තීන ජනාධිපති Mahmoud Abbas මහතා ඊයේ(07) නිල සංචාරයක් සඳහා පලස්තීනයට පැමිණ සිටින ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken හමු විය. ඒ ජෝර්දාන් ග‍ඟේ බටහිර ඉවුරේ රාමල්ලා නගරයේ දී ය.

පලස්තීනයේ Wafa පුවත් ‍ඒජන්සියේ වාර්තාවලට අනුව, ජෝර්දාන් ග‍ඟේ බටහිර ඉවුර, නැගෙනහිර ජෙරුසලම සහ ගාසා තීරය ඇතුළු සමස්ත පලස්තීන රාජ්‍යය සහ එක්සත් ජාතීන්ගේ විධිමත් සාමාජිකත්වය පිළිගන්නා ලෙස රැස්වීම අතරතුර Abbas මහතා ඇමරිකාවෙන් ඉල්ලා සිටියේ ය.

පලස්තීනය සහ ඊශ්‍රායලය අතර සාමය සහ ආරක්ෂාව ළඟා කර ගත හැක්කේ “ද්වි රාජ්‍ය විසඳුම” මගින් පමණක් බව ද ඔහු අවධාරණය කර ඇත. මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වැඩි පීඩනයක් එල්ල කරන ලෙසත් පලස්තීන රජයට අයත් බදු අරමුදල් හැකි ඉක්මනින් නිදහස් කර දෙන ලෙසත් පලස්තීන ජනාධිපතිවරයා ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම