චීන, ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යවරුන් බෙයිජිං හිදී හමුවෙති
2024-02-08 16:25:59
Share with:

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතාගේ සහ ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍ය Ignazio Cassis මහතාගේ සම-ප්‍රධානත්වයෙන් චීන-ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යවරුන්ගේ උපායමාර්ගික සංවාදයේ තුන්වන වටයේ සාකච්ඡා ඊයේ (7) බෙයිජිං හිදී පැවැත්විණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු ද වන වැන්ග් යී මහතා පැවසුවේ, චීන-ස්විට්සර්ලන්ත සබඳතා කලක සිට පවතින බවත්, බටහිර රටවල් සමඟ චීනයේ පවතින ද්විපාර්ශ්වික සබඳතාවන් අතර ආදර්ශමත්ව ඉදිරියෙන්ම සිටින බවත්ය. දෙරට එකිනෙකා තේරුම් ගෙන අවංකව අදහස් හුවමාරු කරගත් බවත්, දෙපාර්ශවය අතර පවතින මතවාද ද්විපාර්ශ්වික සහයෝගීතාවයට බලපෑමක් සිදුවී නොමැති බවත් Cassis මහතා සඳහන් කළේය. ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය නව තලයකට ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය සමඟ කටයුතු කිරීමට ස්විට්සර්ලන්තය කැමැත්තෙන් සිටින බව ඔහු පැවසීය. දෙපාර්ශ්වය එකිනෙකාගේ මූලික අවශ්‍යතා සහ ප්‍රධාන උත්සුකයන්ට අඛණ්ඩව ගරු කිරීමටත්, එකිනෙකාගේ පද්ධතිය සහ සංවර්ධන මාවතේ තේරීමට ගරු කිරීමටත්, බහු අන්තර්-රාජ්‍ය සංවාද සහ සහයෝගීතා යාන්ත්‍රණයන් හොඳින් භාවිතා කිරීමටත් එකඟ වූහ. චීන ව්‍යවසායන් සඳහා විවෘත, සාධාරණ සහ වෙනස් කොට සැලකීම්වලින් තොර ව්‍යාපාරික පරිසරයක් ලබා දෙන ලෙස චීන විදේශ අමාත්‍යවරයා, ස්විට්සර්ලන්තයෙන් ඉල්ලා සිටියේය. චීනයේ විවෘතභාවයතමන් අගය කරන බවත්, ස්විට්සර්ලන්තය නිදහස් වෙළඳාමට සහය දක්වන බවත් ආරක්ෂණවාදයට විරුද්ධ බවත් Cassis වහතා පැවසීය. ස්විට්සර්ලන්ත පුරවැසියන් සඳහා චීනයේ වීසා-නිදහස් ප්‍රතිපත්තිය පිළිබඳව Cassis මහතාගේ ඉහළ අගැයීමට ලක් විය.

2025 දී රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරය සහ චීන-ස්විට්සර්ලන්ත සංස්කෘතික හා සංචාරක වර්ෂය ඉහළින් සැමරීමට දෙපාර්ශවය එකඟ වූහ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම