මේ වසරේ තවත් රටවල් පහක් සමග වෙළෙඳ ගිවිසුම්
2024-02-07 17:36:25
Share with:

මෙම වසර අවසන් වන විට ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, වියට්නාමය හා චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කරගැනීමට සැලසුම් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කියා සිටී.

'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන්  ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කර තිබේ.

රටවල් අතර නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගනිමින් ආර්ථිකය යළි නොවැටෙන තැනකට පත් කරලීම සඳහා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කර ඉදිරියට ගෙන යා යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

තායිලන්ත  නිදහස් වෙළෙඳ ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට ධීවර, සංචාරක, කෘෂිකර්ම හා පුනර්ජනනීය බල ශක්ති පිළිබඳ ආයෝජන විශාල සංඛ්‍යාවක් ලැබීමට නියමිතය. ලෝකයේ රටවල තිබෙන විශාල වෙ‍ළෙඳ පොළවල් සමඟ ගනුදෙනු කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රසාරණය කිරීමට හැකියාව  තිබෙන බව ඔහු වැඩි දුරටත් පැවසීය.

 

 

 

 

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම