El Salvador ජනපති නැවත පත් වීම වෙනුවෙන් චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-02-07 17:49:22
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එල්සැල්වදෝරයේ නැවත තේරී පත් වූ ජනාධිපති Nayib Armando Bukele Ortez මහතා වෙත, පසුගිය 05 වැනිදා සුබ පැතුම් පණිවිඩයක් යොමු කළේ ය.

ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේ, මෑත වසරවල, චීනය හා El Salvador අතර සබඳතා පුළුල් ලෙස හා වේගයෙන් වර්ධනය වී ඇති බවයි. දෙරට අතර ප්‍රායෝගික සහයෝගීතාවයෙන් ඵලදායි ප්‍රතිඵල ලැබී ඇති අතර, එමඟින් දේශීය ජනතාවට දැනෙන ප්‍රතිලාභ හිමිකර දී ඇත. චීන-El Salvador රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීම, දෙරටේ සහ ජනතාවගේ මූලික හා දිගුකාලීන අවශ්‍යතාවලට අනුකූල වීම මින් සම්පූර්ණයෙන් සනාථ වන බව, ෂී ජින් පිං මහතා පැවසීය. Nayib Armando Bukele Ortez මහතා එකම චීනය යන මූලධර්මය දැඩි ලෙස අනුමත කිරීම ෂී ජින් පිං මහතා ඉතා අගය කරයි. El Salvador සමඟ, උපාය මාර්ගික මගපෙන්වීම ශක්තිමත් කරමින්, විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව ගැඹුරු කොට දෙරට සබඳතා නව තලයකට තල්ලු කරන අතර, දෙපාර්ශ්වයටම වඩා හොඳ ප්‍රතිලාභ ලබා දීමට චීනය කැමැත්තෙන් සිටින බව, ෂී ජින් පිං මහතා පණිවිඩයෙන් සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම