නව බලශක්ති මෝටර් රථ වෙළඳාමේ සහයෝගීතා වර්ධනයට චීනයෙන් පියවර
2024-02-07 11:24:34
Share with:

චීන වාණිජ අමාත්‍යංශය ඇතුළු ආයතන 9ක් නව බලශක්ති මෝටර් රථ වෙළඳාමේ විධිමත් සහයෝගී සංවර්ධනයට අනුබල දීම පිළිබඳ උපදෙස් මාලාවක් නිකුත් කරයි. 

ඒ අනුව ගෝලීය නව බලශක්ති මෝටර් රථ නවොත්පාදන ජාලයට එකතු වීමට සහාය වීම සඳහා, රටේ නව බලශක්ති මෝටර් රථ නිෂ්පාදන ව්‍යවසායයන් හා අදාළ සැපයුම් දාමයේ ව්‍යාපාර, නීත්‍යානූකූලව විදේශ රටවල පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමටත්  විදේශ පර්යේෂණ ආයතන, කර්මාන්ත සමූහයන් සමග උපායමාර්ගික සහයෝගීතා ගොඩනැගීමටත් දිරිමත් කෙරේ.

මේ අතර නව බලශක්ති මෝටර් රථ හා බැටරි සමාගම්වලට නිදහස් වෙළඳ ගිවිසුමේ නියමිත වාසි සහගත කොන්දේසි මනාව ප්‍රයෝජනයට ගැනීම සඳහා  අදාළ රාජ්‍ය අංශවල සහාය හිමි වනු ඇත. චීන වෙළඳ සන්නාමයේ යහපත් ප්‍රතිරූපයක් ගොඩනැගීමට, අපනයන ප්‍රමිතිකරණය ඔස්සේ අපනයන සඳහා සාධාරණ තරඟකාරී පරිසරයක් නිර්මාණය කිරීමටත් එමගින් පියවර ගැනේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම