චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් සුබ පැතුම්
2024-02-07 10:48:36
Share with:

එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා ඊයේ(06) චීන අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කළේ ය. මකරාගේ වසර නිමිත්තෙන් සියලු දෙනාටම සිය උණුසුම් සුබ පැතුම් පිරිනමන බව හෙතෙම පැවසීය. චීන මකරා ජීව ශක්තිය, ප්‍රඥාව, ආරක්ෂාව සහ වාසනාව සංකේතවත් කරන අතර එය වර්තමාන ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා අවශ්‍ය මානූෂීය ගුණාංග බව ද ඔහු සිය පණිවිඩයේ සඳහන් කර ඇත.

චීන චන්ද්‍ර අලුත් අවුරුද්ද එක්සත් ජාතීන්ගේ නිවාඩු දින දර්ශනයේ ද පළමු වරට සටහන් වීම නිසා මෙම වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැමරුම් විශේෂයෙන් වෙනස් වී ඇති බව Guterres මහතා පැවසීය. බහුපාර්ශ්විකත්වය සහ ගෝලීය ප්‍රගතිය සඳහා චීනය ලබා දෙන ස්ථිර සහයෝගය වෙනුවෙන් චීනයට සහ එහි ජනතාවට හෙතෙම ස්තූතිය ප්‍රකාශ කළේ ය. සියලු දෙනා එක්ව වැඩ කළහොත් තිරසර, සාධාරණ සහ සාමකාමී අනාගතයක් ළඟා කර ගත හැකි බව ද António Guterres මහතා සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම