චීන ජනාධිපතිවරයා පක්ෂයෙන් බාහිර පුද්ගලයින් වෙත අලුත් අවුරුදු සුබපැතුම් පිරිනමයි
2024-02-07 20:31:33
Share with:

චීන ජනාධිපති ෂී පින් පිං මහතා අද(7) බෙයිජිං හිදී චීන කොමියුනිස්ට් පක්ෂයෙන් පරිබාහිර පුද්ගලයින් වෙත අලුත් අවුරුදු සුබ පැතුම් පිරිනැමීය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙනුවෙන්, ෂී පින් පිං මහතා සියලු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ, කර්මාන්ත හා වාණිජ සම්මේලන, නිර්පාක්ෂිකයන් සහ එක්සත් පෙරමුණේ සාමාජිකයින් වෙත අවංක සුබපැතුම් සහ නව වසරට ආශිර්වාද පළ කළේය.

චීන සමාජ පද්ධතිය තුළ විශ්වාසය ශක්තිමත් කරමින්, චීනයේ නව දේශපාලන පක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම, සංවර්ධනය කිරීම සහ වැඩිදියුණු කිරීම කළ යුතු ය. පුළුල් සම්මුතියක් ගොඩනඟා චීන ක්‍රමයේ නවීකරණය ප්‍රවර්ධනය කිරීමට උදවු කළ යුතු ය. එසේම දේශපාලන මග පෙන්වීම ශක්තිමත් කිරීම සහ ස්වයං ගොඩනැගීමේ මට්ටම අඛණ්ඩව වැඩිදියුණු කළ යුතු ය යන අපේක්ෂා ත්‍රිත්වය හෙතෙම එහිදී ඉදිරිපත් කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම