දිනෙන් දින වැඩිවන චීන නිෂ්පාදිතයන්හී විදේශ වෙළඳපොල ආකර්ෂණය
2024-02-07 10:34:29
Share with:

පසුගිය වසරේ දකුණු කොරියාවේ “කළු සිකුරාදා”සාප්පු සවාරි දිනයේ දී චීන නිෂ්පාදිතයන්ට ඉහළ ඉල්ලුමක් පැවතිණ. මෑත වසරවලදී, යුරෝපා  වැසියෝ නිතරම චීනයේ නිෂ්පාදිත විදුලි බ්ලැන්කට් වැනි උණුසුම් උපකරණ මිලදී ගැනීමට දැඩි උනන්දුවක් පළ කළහ. චීන තේ සහ රූපලාවන්‍ය නිෂ්පාදන ද විදේශීය තරුණයන් අතර ජනප්‍රිය වී තිබේ. චීන භාණ්ඩ විදේශ වෙළඳපොල දැඩි ආකර්ෂණයට ලක්වීමට හේතු කිහිපයක් බලපා තිබේ.

ගුණාත්මකභාවය ඉන් ප්‍රධානය. උදාහරණයක් ලෙස චීනයේ විදුලි වාහන සැලකීමේ දී චීනයේ විදුලි ට්‍රයිසිකල් ඇණවුම් කරන ඇමරිකානු පාරිභෝගිකයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. ප්‍රායෝගික, ගුණාත්මක, තාක්ෂණයෙන් පිරිපුන් “Made in China” ජනප්‍රියත්වය පිටුපස ඇත්තේ කාර්මික දාමයේ සහ සැපයුම් දාමයේ දිගු කාලීන වාසි සහගත තත්ත්වයයි.

මෙය, පිරිවැය සහ කාර්ය සාධනය අතින් මනා කාර්යක්ෂමතාවක් ද සහතික කරයි. දකුණු කොරියාවේ කිරි මිල ඉහළ යාම හේතුවෙන් චීනයේ සෝයා කිරි නිෂ්පාදන යන්ත්‍ර අලෙවියේ ආශ්චර්යයක් නිර්මාණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. දකුණු කොරියාවේ විශාලතම ඊ-වාණිජ්‍ය වේදිකාවේ දත්ත මගින් පෙන්නුම් කෙරෙන්නේ ජනවාරි 1 සිට 25 දක්වා විදේශයන්හි සෘජු මිලදී ගැනීම් හරහා අලෙවි කරන චීන සෝයා කිරි නිෂ්පාදන යන්ත්‍ර අලෙවිය 1,300 ගුණයකින් පමණ වැඩි වී ඇති බවයි.

මීට අමතරව, හොඳ සාප්පු සවාරි අත්දැකීම්ද විදේශීය පාරිභෝගිකයන් ගේ ආකර්ෂණයට ලක්ව තිබේ. සිංගප්පූරුවේ Lianhe Zaobao පුවත්පත පළ කළ වාර්තාවකට අනුව වියට්නාමයේ Ho Chi Minh නගරයේ පදිංචිකරුවෙකු චීන ඊ-වාණිජ්‍ය සමාගමකින් ලීටර් 2.5 ක විදුලි කේතලයක් මිල දී ගෙන ඇති අතර  එහි ප්‍රවාහන ගාස්තුව වියට්නාමය තුළ ප්‍රවාහන පිරිවැයට වඩා අඩු විය. මෙය චීනයේ කාර්යක්ෂම ලොජිස්ටික් පද්ධතිය නිසා පමණක් නොව, විදේශයන්හි චීන ඊ-වාණිජ්‍ය ක්‍රියාකාරීත්වයේ ද කාර්යක්ෂමතාවේ පිළිබිඹුවකි.

අඛණ්ඩ නව්‍ය පර්යේෂණ සහ සංවර්ධන හැකියාවන් තුළින් විවිධ රටවල දේශීය අවශ්‍යතාවලට සරිලන ලෙස ඉදිරිපත් කෙරෙන “චීන නිර්මාණ” ලොව පුරා පාරිභෝගිකයින්ට නව අත්දැකීම් ගෙන එයි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම