චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපති Sebastian Pinera මහතාගේ අභාවය පිළබඳව චීන ජනපති සංවේගය පළ කරයි
2024-02-07 19:29:03
Share with:

චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපති Sebastian Pinera මහතාගේ අභාවය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එරට ජනාධිපති Gabriel Boric මහතා වෙත අද(7) ශෝක පණිවුඩය යොමු කළේය.

චීන රජය හා ජනතාව වෙනුවෙන් Sebastian Pinera මහතාගේ ඥාතීන් හා චිලී ජනතාව වෙත අවංක සංවේගය පළකරන බව ෂී ජින් පිං මහතා එම ශෝක පණිවුඩයේ සඳහන් කළේය.

චීන-චිලී සබඳතා වර්ධනයට හා මිත්‍රශීලි සහයෝගිතා ප්‍රවර්ධනය කිරීමට චිලී රාජ්‍යයේ විශිෂ්ට දේශපාලනඥයෙක් වන Sebastian Pinera මහතා කැප වී සක්‍රීය දායකත්වය දරා ඇති බව ෂී ජින් පිං මහතා පැවසීය. දෙරටේ සබඳතාව ඉහළින් අගය කරමින් Gabriel Boric මහතා සමග චීන චිලී පූර්ණ උපාය මාර්ගික හවුල්කාරී සබඳතා වර්ධනය ප්‍රවර්ධනය කිරීමට කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම