"ඇමරිකාවට එරෙහිව ඇමරිකාව” සම්මතය බවට පත් විය හැකි බවට සමීක්ෂණ වාර්තාවක්
2024-02-07 20:26:59
Share with:

CGTN විසින් පවත්වන ලද ගෝලීය මාර්ගගත මත විමසුමකට අනුව ඇමරිකාවට එරෙහිව ඇමරිකාව” සම්මතය බවට පත් විය හැකි බව ගෝලීය ප්‍රතිචාර දක්වන්නන්ගෙන් සියයට 90කට ආසන්න ප්‍රමාණයක් කියා සිටී. සංක්‍රමණ ප්‍රශ්නය සම්බන්ධයෙන් ටෙක්සාස් ප්‍රාන්ත රජය සහ ෆෙඩරල් රජය අතර දරුණු ගැටුම දිගටම පවතින අතර ඇතැමුන් එය "ජාතික දික්කසාදයක්" ලෙස ද සඳහන් කරයි. සංක්‍රමණ සම්බන්ධයෙන් නැවත වරක් එරට පක්ෂ දෙක ඔවුන්ගේ එදිරිවාදිකම් තීව්‍ර කරමින් පවතින බවත් දේශපාලනය වඩාත් අසංවිධානාත්මක වෙමින් පවතින බවත් මත විමසුමෙන් පෙන්නුම් කර ඇත. මේ බව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 86.5 ක් අවධාරණය කර සිටී.

සමීක්ෂණයේ දී, ගෝලීය ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 70.2 ක් සංක්‍රමණ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඇමරිකානු ආණ්ඩුවෙහි ප්‍රචණ්ඩත්වය සහ අමානුෂික හැසිරීම් පිළිබඳව දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටී.

නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සංක්‍රමණිකයන්ගේ මූලික මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බව ද ඔවුහු විශ්වාස කරති. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 89.3 ක් කියා සිටියේ සංක්‍රමණ ප්‍රශ්නය ඇමරිකානු දේශපාලනයේ ධ්‍රැවීකරණයේ සන්දර්භය තුළ දේශීය දේශපාලන අවුල් සහගත අයිස් කන්දේ කෙළවර පමණක් වන අතර "ඇමරිකාවට එරෙහිව ඇමරිකාව" සම්මතය බවට පත්විය හැකි බවයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම