ආර්ථික ප්‍රශ්න, ආරක්ෂාව හා පටලවා ගැනීම සම්බන්ධයෙන් චීන, දකුණු කොරියානු දෙපාර්ශ්වයේ විරෝධය පළ වේ
2024-02-07 10:59:39
Share with:

ආර්ථික ප්‍රශ්න, ආරක්ෂාව හා සම්බන්ධ කරමින් අනවශ්‍ය සංකීර්ණත්වයකට පත්කිරීමට  එරෙහිව  චීන-දකුණු කොරියානු දෙපාර්ශ්වය අවධානය යොමු කරයි.  චීන විදේශ අමාත්‍ය වං යී සහ දකුණු කොරියානු විදේශ අමාත්‍ය Cho Tae-yul යන මහත්වරුන් ඊයේ (6) පැවැත්වූ දුරකථන සංවාදයක දී මේ පිළිබඳව සාකච්ඡා කර ඇත. 

 දකුණු කොරියානු පාර්ශ්වය චීනය කෙරෙහි ධනාත්මක මෙන්ම මිත්‍රශීලී ප්‍රතිපත්තියකින් ක්‍රියාකරනු ඇති බවටත්, එකම චීනය මූලධර්මය අනුගමනය කරනු ඇති බවටත් වං යී මහතා මෙහිදී විශ්වාසය පළ කළේය. එසේම චීන-දකුණු කොරියානු සබඳතා සඳහා අවශ්‍ය දේශපාලන පදනම පවත්වා ගනිමින්,  යළි තිරසර සංවර්ධන මාවත ඔස්සේ ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීමට හැකිවනු ඇතැයි ද හෙතෙම පැවසීය. 

 කාර්මික හා සැපයුම් දාමවල ක්‍රියාකාරීත්වය ස්ථාවර හා සුමට ලෙස පවත්වාගෙන යමින්, ආර්ථික ප්‍රශ්න දේශපාලනීකරණයට මෙන්ම ආරක්ෂාව හා පටලවා ගැනීමට එරෙහි වන ලෙසත් වං යී මහතා මෙහිදී ඉල්ලා සිටියේය.

 දකුණු කොරියානු විදේශ අමාත්‍ය Cho Tae-yul මහතා මෙහිදී කියාසිටියේ, තම රජය චීනය සමග සබඳතා වර්ධනය කර ගැනීම අතිශය වැදගත් කොට සලකන බවයි. අන්‍යෝන්‍ය විශ්වාසය හා සහයෝගීතා තහවුරු කරමින් ඉහළ මට්ටමේ හුවමාරු පවත්වා ගැනීමටත්,  ආර්ථිකය හා සංස්කෘතිය ඇතුළු ක්ෂේත්‍රවල ජයග්‍රහණ දිනාගැනීමටත් තම රට සූදානම් බව ද අමාත්‍යවරයා පැවසීය. දකුණු කොරියාව එකම චීනය පිළිබඳ ස්ථාවරයේ නොවෙනස්ව රැඳීසිටින බව ද ඔහු කියාසිටියේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම