දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ පනතට යුනිසෙෆ් සංවිධානයේ ප්‍රසාදය
2024-02-07 17:35:05
Share with:

සියලු ශ්‍රී ලාංකික දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමට සහ සුභසාධනය සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරමින්, 2024 වසරේ ජනවාරි මස පළමුවන දින සිට බල පැවැත්වෙන, ළමයින් සහ තරුණ තැනැත්තන් පනතෙහි (Children and Young Persons Ordinance-CYPO) සංශෝධනය, යුනිසෙෆ් සංවිධානයේ ඇගයීමට ලක් කෙරේ.

මෙය දිගු කලක සිට අපේක්ෂා කරන ලද නීතිමය පියවරක් බව නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සදහන් කරයි.

ළමයින් සහ තරුණ තැනැත්තන් පනත, 1939 වසරේ සිට මෙරට ළමුන් සඳහා යුක්තිය පසිඳලීමට භාවිතා කරනු ලබන ආඥා පනත වන අතර, මෙමගින් මීට පෙර ආවරණය කරනු ලැබූයේ වයස අවුරුදු 16 දක්වා දරුවන් පමණකි. එහෙත් නව සංශෝධනය ක්‍රියාත්මක වීම තුලින්, එම ආවරණය වයස අවුරුදු 18 ට අඩු සියලුම දරුවන් සඳහා ආරක්ෂාව පුළුල් කර ඇත. එසේම, මෙම නව සංශෝධනය මඟින්, දෙමව්පියන්, ගුරුවරුන් හෝ භාරකරුවන් විසින් ළමුන් සහ නව යෞවන වියේ පසුවන දරුවන්ට ශාරීරික දඬුවම් භාවිතා කිරීම පිළිගෙන තිබූ වගන්තිය ද ඉවත් කර ඇත.

මෙම නව සංශෝධන, ක්‍රියාත්මක වීම තුලින් ළමා අයිතිවාසිකම් පිළිබඳ ශ්‍රී ලංකාවේ නීති, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව, විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට (CRC) අනුකූලව, පවත්වාගැනීමට දායකවෙයි. මීට අමතරව, මෙරට ළමුන් සහ නව යෞවනයන් මුහුණ දෙන අභියෝග සහ වෙනස්වන අවශ්‍යතා ද මෙම සංශෝධන මඟින් ආමන්ත්‍රණය කරයි.

 

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම