ඇමරිකානු හමුදා සිරියාවේ ජාතික සම්පත් සොරකම් කිරීම වර්ධනය කරයි
2024-02-07 09:11:41
Share with:

ඇමරිකානු හමුදා සිය ජාතික සම්පත් සොරකම් කිරීම වර්ධනය කර ඇති බවට සිරියාව චෝදනා කරයි.විශේෂයෙන් තෙල් සහ ධාන්‍ය වර්ග ඔවුන් විසින් සොරකම් කරමින් සිටින බව එරට රාජ්‍ය පුවත් සේවය වන සානා ප්‍රවෘත්ති සේවය විසින් වාර්තා කර තිබේ. එලෙස ඔවුන් විසින් සොරකම් කරන ලද තෙල් සහ ධාන්‍ය රැගත් රථ 160ක් පමණ ගෙවුනු පැය විසි හතර තුළ නීති විරෝධී ලෙස ඉරාකයට රැගෙන ගොස් ඇතැයි එම පුවත් සේවය ඊයේ(6) සඳහන් කරයි.

 සිරියානු රජය ඇමරිකානු හමුදාවන්හී එම ක්‍රියාව හෙළා දකිමින් එය තම ස්වෛරීභාවය උල්ලංඝනය කර ජාතික සම්පත් කොල්ලකෑමක් ලෙසට සඳහන් කර තිබේ.යුද්ධයේ බලපෑමට හසුව අසීරුතාවට පත්ව සිටින සිරියාවේ මෙම අත්‍යවශ්‍ය සම්පත් සොරා කෑම එහි ආර්ථිකය තවදුරටත් නරක අතට පත් කර ඇත.ඇමරිකා හමුදාව සිරියාවේ සිදු කරන ක්‍රියාවන් අවස්ථා ගණනාවකදී ප්‍රශ්ණ කර ඇති සිරියා රජය එම ක්‍රියවන් ජාත්‍යන්තර නීති හා භාවිතයන් උල්ලංඝනය කිරීමක් ලෙසට ද චෝදනා කර තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම