සමාජ අවධානය දිනා ගත් චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ “නව ගුණාත්මක ඵලදායිතා” සංකල්පය
2024-02-06 14:44:33
Share with:

“නව ගුණාත්මක ඵලදායිතාව” යන්න මෑතකදී චීනයේ ඉතා ජනප්‍රිය සංකල්පයකි. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊසානදිග චීනයේ නිරීක්ෂණ චාරිකාවේ නිරත වූ අවස්ථාවේදී එම සංකල්පය පිළිබඳ පළමුව සඳහන් කළේය. වර්තමානය වනවිට එය සමාජ අවධානයට ලක් ව තිබේ. පසුගියදා ෂී ජින් පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂ‍යේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමූහික අධ්‍යයනයේදී විශේෂයෙන් “නව ගුණාත්මක ඵලදායිතාව”සම්බන්ධයෙන් ගැඹුරු ලෙස පැහැදිලි කළේය.

"නව ගුණාත්මක ඵලදායිතාව" යනු ෂී ජින් පිං මහතාගේ ආර්ථික චින්තනයේ සංකේන්ද්‍රිත ප්‍රකාශනයකි. නව යුගයේ චීන ආර්ථිකය අඛණ්ඩ, විධිමත් සහ උසස් ගුණාත්මකභාවයෙන් යුතුව පූර්ණ ලෙස සංවර්ධනය කිරීමට අවැසි විද්‍යාත්මක න්‍යායික මඟපෙන්වීම් සහ ක්‍රියාකාරී මාර්ගෝපදේශ ඉන් සපයා ඇති බව ආර්ථික විද්‍යාඥයන්ගේ  විශ්වාසයයි.

නව ගුණාත්මක ඵලදායිතාව සංවර්ධනය කිරීමේ හරය වනුයේ, ප්‍රධාන තාක්ෂණික නවෝත්පාදනයන් ප්‍රධාන ගාමක බලවේගය ලෙස ගනිමින් නවෝත්පාදන ප්‍රතිඵල කාලෝචිත ලෙස කාර්මික සංවර්ධනයට යෙදවීමයි. මේ සඳහා, ෂී ජින් පිං මහතා පහත සැකැස්ම නිර්මාණය කර ඇත. සම්ප්‍රදායික කර්මාන්ත පරිවර්තනය කොට වැඩිදියුණු කිරීම, නැගී එන කර්මාන්ත සංවර්ධන කොට තවදුරටත් පුළුල් කිරීම, අනාගත කර්මාන්ත සකස් කොට ගොඩනැගීම සහ කාර්මික කුසලතා වේදිකාවක් නිර්මාණය කිරීම ඊට ඇතුළත්ය.

නව ගුණාත්මක ඵලදායිතාව ප්‍රවර්ධනය කිරීම, ජාත්‍යන්තර සහයෝගිතාවයෙන් නොදන්නා ගැටලු විසඳීම කෙරෙහි විශාල බලපෑමක් ඇති කරනු ඇත. එමෙන්ම චීනය ගෝලීය තරඟකාරීත්වය සහිත විවෘත නවෝත්පාදන පරිසර පද්ධතියක් නිර්මාණය කරමින් නව ගුණාත්මක ඵලදායිතාව වැඩි ජාත්‍යන්තර සහයෝගීතාවන් ප්‍රවර්ධනය කරනු ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම