ජනවාරි මස ගෝලීය නිෂ්පාදන මිලදී ගැනීමේ කළමනාකරුවන්ගේ දර්ශකයේ සැලකිය යුතු වර්ධනයක්
2024-02-06 11:08:11
Share with:

ගෝලීය නිෂ්පාදන මිලදී ගැනීමේ කළමනාකරුවන්ගේ දර්ශකය ඉකුත් ජනවාරි මාසයේ දී පසුගිය දෙසැම්බර් මාසයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇත. එමගින් ගෝලීය ආර්ථික ප්‍රකෘතිමත් වීමේ වර්ධනයක් ද පෙන්නුම් කෙරේ.

ජනවාරි මාසයේදී මෙම දර්ශකය 49.3% ක් වූ අතර එය පෙර මාසයට වඩා 1.3% ක වැඩිවීමකි. අඛණ්ඩව මාස නවයක් 49% ට වඩා අඩුවෙන් ක්‍රියාත්මක වීම ඉන් අවසන් විය. දර්ශකයේ මට්ටම අනුව එය 2023 මාර්තු මස සිට නව ඉහළ අගයක් බවට පත් වෙයි. ගෝලීය නිෂ්පාදන කර්මාන්ත ප්‍රකෘතියේ වර්ධනය ගෝලීය ආර්ථික අපේක්ෂාවන් ඉහළ නැංවීමට ධනාත්මක බලපෑමක් ඇති කරන බව ද විශේෂඥයන් පවසා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම පුරෝකථනයට අනුව, 2024 වසරේ ගෝලීය ආර්ථිකය 3.1% කින් වර්ධනය වනු ඇත. එය පසුගිය වසරේ ඔක්තෝබර් මස සිදු කළ පුරෝකථනයට වඩා 2% ක ඉහළ අගයකි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම