විප්ලවයකින් තොරව ලක්ෂ 20කට ඉඩම් අයිතිය ලබාදීම ජයග්‍රහණයක්-ජනපති පවසයි
2024-02-06 17:27:23
Share with:

ඉඩම් අයිතිය ඉල්ලා ලෝකයේ විප්ලව රැසක් සිදු වූවද විප්ලවයකින් තොරවම මෙරට ජනතාවගේ ඉඩම් අයිතිය ලබා දීමට හැකිවීම වත්මන් ආණ්ඩුව ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී.

ඔහු මේ අදහස් පළ කළේ උරුමය වැඩසටහනේ පළමු අදියරට අදාළව නිදහස් ඔප්පු 10,000ක් ගොවි ජනතාව වෙත ප්‍රදානය කිරීම සඳහා රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවති උත්සවයට ඊයේ(05) එක් වෙමිනි. තමා භුක්තිවිදින ඉඩමේ සින්නක්කර අයිතිය ලබාදීමේ උරුමය වැඩසටහන ජනාධිපතිවරයාගේ මගපෙන්වීමෙන් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙවැනි ගොවි පවුල් ලක්ෂ 20ක ප්‍රමාණයක් අපේක්ෂිත ප්‍රතිලාභීන් ලෙස හඳුනාගෙන ඇත. උරුමය වැඩසටහන යටතේ ඉඩම්වල පූර්ණ අයිතිය ඉල්ලුම් කරන අයදුම්කරුවන් සඳහා ප්‍රධාන අදියර 03ක් යටතේ නිදහස් දීමනාපත්‍ර ලබාදීමට නියමිතය. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රජාව වෙතින් ඉදිරිපත් වන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට අදාළ ආයතන සම්බන්ධීකරණය කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ උරුමය මෙහෙයුම් ලේකම් කාර්යාලයක් ද ස්ථාපිත කර තිබේ.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම