චීන වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයේ ප්‍රචාරක වීඩායෝව දකුණු අප්‍රිකාවේ තිරගත කෙරේ
2024-02-06 21:48:57
Share with:

ප්‍රීතිමත් වසන්ත උත්සවය නම් ක්‍රියාකාරකම පසුගිය 4 වනදා දකුණු අප්‍රිකාවේ Johannesburg නගරයේ ආරම්භ විය. චීන මාධ්‍ය සමූහය ඉදිරිපත් කරන වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයේ ප්‍රචාරක වීඩියෝව Johannesburg නගරයේ මැන්ඩෙලා චතුරශ්‍රයේ පුළුල් තිරයේ විකාශනය කර තිබේ. ඉන් චීන මාධ්‍ය සමූහය ඉදිරිපත් කරන වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයේ ප්‍රචාරක වැඩසටහන් මාලාව දකුණු අප්‍රිකාවේ ආරම්භ වීම සංකේතවත් වේ.

Johannesburg නගරයේ චීන කොන්සල් ජනරාල් Pan Qingjiang මහතා එහිදී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පැවසුවේ වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය එ‍රට විකාශනය කිරීමෙන් දෙරටේ ජනතාව‍ අතර සබඳතාව වඩාත් සමීප වනු ඇති බවයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම