ආණ්ඩුව තුළ දූෂණයට එරෙහිව ක්‍රියා කිරීමේ උත්සාහයන් තවදුරටත් ශක්තිමත් කළ යුතු බවට චීන අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
2024-02-06 10:10:07
Share with:

පක්ෂයේ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීම, අඛණ්ඩ බව සහ ආණ්ඩුව තුළ දූෂණයට එරෙහිව කටයුතු කිරීම වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ පූර්ණ හා දැඩි ස්වයං පාලන උපායමාර්ගික ප්‍රතිපත්තිය විධිමත් ලෙස ක්‍රියාත්මක කළ යුතු බව චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජිකයෙකු ද වන Li Qiang මහතා ඊයේ (05) පිරිසිදු පාලනය පිළිබඳ රාජ්‍ය මන්ත්‍රණ සභා රැස්වීමේදී මේ බව ප්‍රකාශ කළේය.

දේශපාලන විනය සහ පවතින නීති රීති දැඩි ලෙස පිළිපැදිය යුතු බව හෙතෙම සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය. ප්‍රධාන අංශවල දූෂණය අවසන් කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසත්, දූෂණය ඇති වීමට බලපාන හේතු ගැඹුරු ප්‍රතිසංස්කරණ මගින් ඉවත් කළ යුතු බවත්, දූෂණය තුරන් කිරීමේ සහ නිවැරදි කිරීමේ දී එහි ස්ථාවර හා තිරසර බව සහතික කරන ලෙසත් Li Qiang මහතා රටේ සියලු මට්ටමේ රජයන් සහ ඔවුන්ගේ දෙපාර්තමේන්තුවලින් ඉල්ලා සිටියේය. කාර්ය සාධනය ඇගයීමේදී ජනතාවගේ යහපත කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බව ද හෙතෙම එහිදී අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම