සංචාරකයින්ගේ පැමිණීම සියයට සියයකින් ඉහළට
2024-02-06 17:30:57
Share with:

ගෙවීගිය ජනවාරි මාසය ඉකුත්වීමේදී මෙරටට පැමිණි සංචාරකයින් පසුගිය වසරට සාපේක්ෂව සියයට සියයකින් පමණ වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තාවක් පෙන්වා දෙයි.

පසුගිය වසර තුළ ජනවාරි මාසයේ සංචාරකයින් 102,545 ක් මෙරටට පැමිණ ඇති අතර එය මේ වසර තුළ 208,253 ක් දක්වා ඉහළ ගොස් ඇත‍.මෙය පෙර වසරට සාපේක්ෂව සියයට 103.1 ක වර්ධනයක් බව වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් ඉන්දියාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 34,399 ක් එනම් සියයට 16 ක ප්‍රතිශතයකි.සංචාරකයින් පැමිණි රටවල් අතර රුසියාව සහ එක්සත් රාජධානිය පිළිවෙළින් දෙවන සහ තුන්වන ස්ථාන වල පසු වේ.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම