චීන හා නෝර්වේ විදේශ ඇමතිවරුන් අතර බෙයිජිංහිදී සාකච්ඡා
2024-02-06 10:12:41
Share with:

චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා‍ නෝර්වේ විදේශ අමාත්‍ය Espen Barth Eide මහතා සමග බෙයිජිංහි දී සාකච්ඡාවක නිරත වෙයි. සාකච්ඡාව ඊයේ(05) පැවැත්විණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන කාර්යාංශ සාමාජිකයෙකු ද වන වන්ග් යී මහතා දෙර‍ට අතර රාජ්‍යතාන්ත්‍රික සබදතා පිහිටුවීමේ 70වෙනි සංවත්සරය මෙම වසරට යෙදෙන අතර දෙ‍රටේ සබඳතාවන්  මනා ලෙස වර්ධනය වී ඇති බව ද එම සාකච්ඡාවේදී පැවසීය. නෝර්වේ රජය එකම චීනය ප්‍රතිපත්තියේ එල්බ සිටීම හා චීනය සමග පවත්වන මිත්‍රත්වය චීනය අගය කරන බවද චීන විදේශ ඇමතිවරයා පැවසීය. දෙරට අතර සබඳතාව මීළඟ මට්ටමට ගෙන ඒම සඳහා දෙපාර්ශ්වය නියම මාවතේ ගමන් කරමින් ප්‍රායෝගික සහයෝගතා සහ අන්‍යෝන්‍ය සම්බන්ධීකරණයන් ශක්තිමත් කළ යුතු බවද චීන විදේශ ඇමතිවරයා පෙන්වා දුන්නේය.

එහිදී අදහස් දැක්වූ නෝර්වේ විදේශ ඇමතිවරයා එකම චීනය ප්‍රතිපත්තියෙහි නෝර්වේ රාජ්‍යය දැඩිව එල්බ සිටින බව අවධාරණය කළේය. පුළුල් සංවාදයන් තුළින් ද්වීපාර්ශ්වික සංවර්ධනය ඉදිරියට ගෙන යමින් සියල්ලන්ටම සෙත සැලසෙන ලොවක් ඒකාබද්ධව ගොඩනැංවීමට ක්‍රියා කිරීමේ වැදගත්කමද හෙතෙම එහිදී පෙන්වා දුන්නේය. චීනව සිය වර්ධන මොඩලය වෙනස් කිරීම ‍‍නෝර්වේ පාර්ශ්වයේ ඇගයීමට ලක්වන අතර දේශගුණ විපර්යාසය හා ගෝලීය අභියෝග සම්බන්ධයෙන් චීනය සමග ක්‍රියා කිරීමට ද  කැමැත්තෙන් සිටින බව හෙතෙම කීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම