පිලිපීනය හැකර්වරුන්ගේ සයිබර් ප්‍රහාර සිද්ධියක් සම්බන්ධයෙන් චීනයට චෝදනා කිරීම අතිශයින්ම වගකීම් විරහිත බව චීනය පවසයි
2024-02-06 11:21:26
Share with:

පිලිපීනය කිසිදු පදනමක් නොමැතිව හැකර්වරුන්ගේ සයිබර් ප්‍රහාර සිද්ධියක් සම්බන්ධයෙන් චීනයට චෝදනා කිරීම අතිශයින්ම වගකීම් විරහිත බව චීනය පවසයි.

පිලිපීනයේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශක ඊනියා චීනයේ හැකර්වරුන් පිලිපීනයට එරෙහිව සයිබර් ප්‍රහාර එල්ල කිරී‍ම පිළිබඳව අදහස් දක්වමින් ඊයේ(05) මේ බව පැවසීය.

විවිධාකාරයෙන් සිදු කරන සයිබර් ප්‍රහාරවලට තරයේ ම විරුද්ධ වන චීන රජය නීත්‍යානුකූල අයුරින් ඒවා මර්දනය කරන බව එම ප්‍රකාශකයා කියාසිටියේය. චීනය කිසිදු රටකට හෝ පුද්ගලයෙකුට චීනයේ යටිතල පහසුකම් ප්‍රයෝජනයට ගනිමින් සයිබර් ප්‍රහාරවල නිරත වීමට කිසිසේත් ම ඉඩ නොදෙයි. පිලිපීනයේ සුළුතර නිලධාරීන් හා මාධ්‍ය ආයතන පදනම් විරහිතව සහ සැලසුම් සහගත ලෙස ඒ සම්බන්ධයෙන් චීනයට චෝදනා කරමින් එය චීන-පිලිපීන සමුද්‍ර ගැටළුවට සම්බන්ධ කිරීමට පවා උත්සාහ දරා ඇත. එවැනි ක්‍රියාවන් අතිශය වගකීම් විරහිත ක්‍රියාවන් බව ද පිලිපීනයේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයා පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම