මැදපෙරදිග තත්ත්වය සමනය කිරීමට උත්සාහ කරන ලෙස චීනයෙන් ඉල්ලීමක්
2024-02-06 17:43:34
Share with:

ජනවාරි 28 වැනිදා ජෝර්දානයේ ඇති ඇමරිකානු හමුදා කඳවුරුවලට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඇමරිකාවේ හමුදා මෑතකදී ඉරාකයේ සහ සිරියාවේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළේ ය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මෙම සිද්ධිය සම්බන්ධයෙන් හදිසි රැස්වීමක් ඊයේ(05) පැවැත්වීය.

ඇමරිකාව සහ අනෙකුත් රටවල යුදමය ක්‍රියාවන්, කලාපය තුළ නව කැළඹීමක් ඇති කරන අතර ගැටුම් තවදුරටත් තීව්‍ර කරන බවට සැකයක් නොමැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත Zhang Jun මහතා එම රැස්වීමකදී කියා සිටියේ ය. මැදපෙරදිග තත්ත්වය දැනටමත් දැඩි අවදානමේ සීමාවට පැමිණ ඇති නිසා එම තත්ත්වය සමනය කර ගැටුම් උත්සන්න වීම වැලැක්වීම ජාත්‍යන්තර ප්‍රජාවගේ හදිසි කාර්යයක් බව ඔහු එහිදි සඳහන් කළේ ය.

අදාළ යුධ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බව ඇමරිකාව ප්‍රකාශ කර ඇත. චීනය මේ පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරන අතර ඇමරිකාවේ ප්‍රඥප්තිය උල්ලංඝණය කරමින් අනෙකුත් රටවල භෞමික ස්වෛරීභාවය සහ ආරක්ෂාව උල්ලංඝනය කරන ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කර සිටී.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම