තල්, කිතුල් සහ පොල් ආශ්‍රිත වෘත්තිකයන් සඳහා නිපුණතා සහතිකයක්
2024-02-06 17:29:30
Share with:

තල්, කිතුල් සහ පොල් ගස් මදින හා ගෙඩි කඩන තැනැත්තන් සඳහා ජාතික වෘත්තීය නිපුණතා සහතික ලබා දීමට තීරණය කර තිබේ.

සති දෙකක විධිමත් පුහුණුවකින් පසු මෙම සහතිකය ලබාදීමට අනුමැතිය ලැබී ඇතැයි තල් සංවර්ධන මණ්ඩලය පවසයි.

ජාතික ආධුනිකත්ව මණ්ඩලය විසින්  ජාතික වෘත්තිය නිපුණතා -03 (NVQ -3) මට්ටමේ සහතික පතක් මොවුන්ට ලබා දෙන බව තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතා සඳහන් කළේය.

අදාළ වෘත්තිකයන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා විධිමත් වැඩ පිළිවෙළක් ක්‍රියාවට නැංවීමේ අරමුණින් කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ආරම්භ කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම