ලොව පුරා සිටින විදේශීය දක්ෂයින්‍ට සෑමවිටම චීනය විවෘත බව චීන අගමැති පවසයි
2024-02-05 09:32:41
Share with:

චීනයේ සංවර්ධනය ලෝකයට විවෘතව පවතින අතර ලොව පුරා සිටින දක්ෂයින් චීනයට පිළිගන්නා බව චීන අගමැති Li Qiang මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියේ ඊයේ (04) බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී 2023 වසරේ චීන රජයේ මිත්‍රත්ව සම්මානලාභීන් සහ චීන චන්ද්‍ර අලුත් අවුරුද්දට පෙර චීනයේ සේවය කරන විදේශීය විශේෂඥ නියෝජිතයින් හමුවෙමිනි.

විදේශීය විශේෂඥයින්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පිරිනැමූ අග්‍රාමාත්‍යවරයා චීනයේ සංවර්ධනය සඳහා ඔවුන් ලබා දෙන අඛණ්ඩ සහය වෙනුවෙන් සිය ස්තූතිය පළ කළේය.

චීනය සිය නවීකරණ ක්‍රියාවලිය උසස් තත්ත්වයේ සංවර්ධනය සමග සියලු අංශයන්ගෙන් ඉදිරියට ගෙන යන බව සඳහන් කළ Li Qiang මහතා චීනය යනු අවස්ථාවලින් පිරුණු සුන්දර සංවර්ධන දේශයක් බවත් එහි විදේශීය විශේෂඥයින්ට සහ අනෙකුත් දක්ෂයින්ට ඔවුන්ගේම සංවර්ධනය සඳහා පුළුල් ඉඩක් ලබා දෙන බවත් කියාසිටියේය.

චීන රජය අදාළ ප්‍රතිපත්ති වැඩිදියුණු කරමින් විදේශීය දක්ෂයින්ට චීනයේ රැකියා කිරීමට සහ ජීවත් වීම සඳහා  වඩා හොඳ පරිසරයක් නිර්මාණය කිරීමට අඛණ්ඩව කටයුතු කරන බව ද හෙතෙම පැවසීය.

මෙහිදී ස්විට්සර්ලන්තය, ජර්මනිය, බ්‍රසීලය, කොරියාව, තායිලන්තය, රුසියාව සහ විවිධ රටවල් නියෝජනය කරන විශේෂඥයෝ විද්‍යාත්මක හා තාක්‍ෂණික නවෝත්පාදනය, හරිත සංවර්ධනය සහ ශිල්පීය පුහුණුව පිළිබඳ දේශන පැවැත්වූහ.

චීන රජයේ මිත්‍රත්ව සම්මානය යනු චීනයේ ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය සඳහා විශිෂ්ට දායකත්වයක් ලබා දුන් විදේශීය විශේෂඥයින් අගයමින් ලබා දෙන සම්මානයකි. විදේශීය විශේෂඥයින් පනස් දෙනෙකුට 2023 වසරේ චීන රජයේ මිත්‍රත්ව සම්මානය හිමි විය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම