“වසරේ ලොව විශාලම ජනගහණ සංක්‍රමණය” වාර්තාව මෙවර චීන වසන්ත උත්සව සමයේ දී
2024-02-05 20:34:45
Share with:

සාම්ප්‍රදායික චීන අලුත් අවුරුද්ද හෙවත් වසන්ත උත්සවය ඉතා ළං වෙමින් තිබේ. මේ කාලයේ අධික ජනගහණයක් සිටින චීනයේ “වසරේ ලොව විශාලම ජනගහණ සංක්‍රමණය” සිදු වෙමින් පවතී.මෙම“ජනගහණ සංක්‍රමණය”ඉකුත් 26වැනි දා සිට දින 40ක් පුරා සිදු වීම විශේෂත්වයකි. පුද්ගලයන් සංඛ්‍යාව බිලියන 9 වාරයක් වාර්තාගත ලෙස චීනය පුරා ගමන් කරන මෙම විශේෂ කාලය විදෙස් මාධ්‍ය අවධානයට ලක්ව ඇත. චීන වසන්ත උත්සව සමයේ විශාල මගී පිරිසක් රට තුළ සැරි සැරීමෙන් චීන ආර්ථික ප්‍රකෘතිය පිළිබිඹු වන බව රොයිටර් පුවත් සේවය පවසයි. බංග්ලාදේශ "Lightning" පුවත්පත් වෙබ් අඩවිය කියා සිටින්නේ මෙවර චීන වසන්ත උත්සව සමයේ ගමනාගමන තත්ත්වය තුළින් 2024 වසරේ චීන පාරිභෝගික උත්පාතයේ පෙර නිමිත්තක් දැකිය හැකි බවයි. මේ වසරේ චීනයේ සිල්ලර අලෙවිය චීන යුවාන් ට්‍රිලියන 50 ඉක්මවනු ඇති බවත්, එය චීන ආර්ථිකයට විශාල ගාමක ශක්තියක් වනු ඇති බවත්,අපේක්ෂා කෙරේ.

අලුත් අවුරුදු කාලයේ ගම්බිම්වලට යන ජනතාව හැර චීනයේ සෙසු ප්‍රදේශ හා විදේශ රටවලට පවා යන චීන සංචාරක පිරිසක් ද සිටිති.මේ වන විට චීනය පුරා පූර්ණ ගමනාගමන හා යටිතල පහසුකම් ස්ථාපිත කර තිබේ. ලොව විශාලම අධිවේගී දුම්රිය ජාලය, අධිවේගී මාර්ග ජාලය හා ගෝලීය මට්ටමේ වරායන් ඉදි කර ඇති චීනය, සිය රටවැසියන්ට ගුවන්, නැව්, දුම්රිය හා මහ මාර්ග මගින් රට තුළ පමණක් නොව ලෝකය පුරා සැරි සැරීමේ හැකියාව ලබා දී ඇත. 2024 වසන්ත උත්සව සමයේ චීනයේ දෙස් විදෙස් සංචාරක උණුසුම පෙරට වඩා කැපී පෙනේ. පසුගිය දා සිංගප්පූරුව හා තායිලන්තය ඇතුළු රටවල් චීනය සමග අන්‍යෝන්‍ය වශයෙන් නිදහස් වීසා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ බැවින් උත්සව සමයේ විදේශ රටවල සංචාරය කරන චීන ජාතිකයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.

සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද සමරන චීන ජනතාව ගමනාගමනය, පරිභෝජනය හා සංචාරය කෙරෙහි දක්වන උද්‍යෝගය, චීන ආර්ථික ප්‍රකෘතියේ කැඩපතකි.මෙම කැඩපතෙන් ලොව දෙවැනි විශාලම ආර්ථිකය හිමි චීනයේ ජවය හා නම්‍යශීලිත්වය පෙන්නුම් කෙරේ.

 

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම