ජනවාරි මාසයේ චීනයේ ඊ-වාණිජ්‍යය ලොජිස්ටික් දර්ශකය නිකුත් කෙරේ
2024-02-05 11:00:56
Share with:

චීනයේ ලොජිස්ටික්ස් සහ මිලදී ගැනීම් ඒකාබද්ධ සංගමය අද (05) ජනවාරි මාසයට අදාළ චීන ඊ-වාණිජ්‍ය ලොජිස්ටික් දර්ශකය නිකුත් කළේය. සමස්තයක් වශයෙන් මෙම ඊ-වාණිජ්‍යය ලොජිස්ටික්ස් දර්ශකය ක්‍රමානුකූල ප්‍රකෘතිමත් වීමක් පෙන්නුම් කෙරෙන අතර පසුගිය දෙවසර තුළ සමස්ත ව්‍යාපාර පරිමා දර්ශකය ද නව උසස් මට්ටමකට පැමිණ ඇත.

ඉකුත් ජනවාරි මාසයේ චීනයේ ඊ-වාණිජ්‍යය ලොජිස්ටික් දර්ශකය ඒකක 112.8ක් වන අතර එය පෙර මාසයට සාපේක්ෂව ඒකක 0.8ක වැඩිවීමකි. සමස්ත ඊ-වාණිජ්‍යය ලොජිස්ටික් ව්‍යාපාර පරිමා දර්ශකය ඒකක 125.3ක් වන අතර එය පෙර මාසයට සාපෙක්ෂව ඒකක 1.7ක වැඩිවීමකි. චීනයේ බටහිර කලාපයේ සමස්ත ව්‍යාපාර පරිමාව දර්ශකයේ වඩාත් ඉහළ වැඩිවීමක් පෙන්නුම් කෙරේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම