නවයුගයේ චීන ලක්ෂණයෙන් යුතු සමාජවාදය පිළිබඳ ෂී ජින්පිං මහතාගේ චින්තනය තේමා කරගත් අධ්‍යයන සාරාංශගත කිරීමේ රැස්වීමක්
2024-02-05 09:46:39
Share with:

නවයුගයේ චීන ලක්ෂණයෙන් යුතු සමාජවාදය පිළිබඳ ෂී ජින්පිං මහතාගේ චින්තනය තේමා කරගත් අධ්‍යයන, සාරාංශගත කිරීමේ රැස්වීම පැවැත්වේ.

එම රැස්වීම ඊයේ (4) බෙයිජිං හි දී පැවැත්විණ. අදාළ තේමාගත අධ්‍යයන පිළිබඳ ජයග්‍රහණ පුළුල් කිරීම පිළිබඳව ෂී ජින් පිං මහතා පැවැත්වූ වැදගත් දේශනයේ අන්තර්ගත කරුණු එහිදී පැහැදිලි කෙරිණ. එසේම එම චින්තනය ක්‍රියාත්මක කිරීම සඳහා ද සැලසුම් සකසා ඇත.

 මීට දින කිහිපයකට පෙර, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජීන් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ, මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ රැස්වීමක් පැවැත්විණ. එම රැස්වීමේ දී නවයුගයේ චීන ලක්ෂණයෙන් යුතු සමාජවාදය පිළිබඳ ෂී ජින්පිං මහතාගේ චින්තනය පිළිබඳ අධ්‍යයන සාරාංශ වාර්තාව හා එහි ජයග්‍රහණ ව්‍යාප්ත කිරීම හා සම්බන්ධව ජනාධිපතිවරයා වැදගත් දේශනයක් පැවැත්වීය. අදාළ අධ්‍යයන ඉලක්ක හා මෙහෙයුම් පැහැදිලි කරමින් හෙතෙම පෙන්වා දුන්නේ, නව වසරේ වැඩකටයුතු සමග ඒවා මනාව සම්බන්ධ කළ යුතු බවයි. විශේෂයෙන්ම, ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනයට බාධා කරන තත්ත්ව, ජනතා අර්බුද සහ පක්ෂය ගොඩනැගීමේ ගැටළු විසඳාලීම කෙරෙහි නිසි අවධානය යොමු කළ යුතු බව ද ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කළේය.  

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම