ඇමරිකාව හා බ්‍රිතාන්‍යය යේමනයට එල්ල කළ ගුවන් ප්‍රහාරය හමාස් සංවිධානය හෙළා දකී
2024-02-05 10:39:36
Share with:

පලස්තීන හමාස් සංවිධානය ඇමරිකාව හා බ්‍රිතාන්‍යය යේමනයට එල්ල කළ ගුවන් ප්‍රහාරය හෙළා දකී.කලාපය වඩාත් ගැටළුකාරී තත්ත්වයකට පත් කිරීමේ ක්‍රියාවක් ලෙසට එම ප්‍රහාරය දකින බව හමාස් සංවිධානය සඳහන් ක‍රයි.

එම ප්‍රහාරය ආරාබි රටක ස්වෛරීත්වයට එරෙහිව එල්ල කළ අශෝභන ප්‍රහාරයක් බව එම සංවිධානය පෙන්වා දෙයි. කලාපයේ ගැටළුකාරී තත්ත්වය වර්ධනය වුවහොත් එහි වගකීම ඇමරිකාව හා ඊශ්‍රායලය සම්පූර්ණයෙන් භාරගත  යුතු බවද හමාස් සංවිධානය සඳහන් කරයි. සෙනසු‍රාදා දිනයේ දී ඇමරිකාව හා බ්‍රිතාන්‍යය යේමනයේ හවුති පාලන ප්‍රදේශවලට ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. මේ අතර හවුති සංවිධානය ඉරිදා දිනයේ දී ප්‍රකාශ කළේ එම ප්‍රහාරයන්ට එරෙහිව තමන් ප්‍රති ප්‍රහාරයන් එල්ල කරන බවයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම