අනෙකුත් රටවල ස්වෛරීභාවය හා ආරක්ෂාව උල්ලංඝණය පිළිබඳව චීනයේ විරෝධය
2024-02-05 18:22:28
Share with:

අනෙකුත් රටවල ස්වෛරීභාවය හා ආරක්ෂාව උල්ලංඝණයට එරෙහිව චීනය විරෝධය පළ කරයි.

ඇමරිකා හමුදාව පසුගිය 03වැනි දා සිරියාව හා ඉරාකයට එල්ල කළ ගුවන් ප්‍රහාර පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(05) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.

සිරියාව හා ඉරාකය ස්වෛරීත්වය දරන රටවල් බව ඔහු සඳහන් කරයි. ‘එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය’ට එරෙහි වීම හා සෙසු රටවල්හි ‍ස්වෛරීභාවය හා ආරක්ෂාව උල්ලංඝණය කිරීම පිළිබඳ ක්‍රියාවලට චීනය විරුද්ධ වෙයි. දැනටමත් මැද පෙරදිග කලාපය සංකීර්ණ තත්ත්වයක පවතී. සංවර ආකල්පයේ රැඳී සිටිමින්, කලාපීය තත්ත්වය තවදුරටත් උග්‍ර නොකරන ලෙස චීනය අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව ද Wang Wenbin මහතා අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම