ගොවීන්ගෙන් 93% කට රුපියල් බිලියන 9.6ක් ‌ගෙවා අවසන්
2024-02-05 14:57:02
Share with:

2023/24 මහ කන්නයේ දී වී වගාව ආශ්‍රිත කෘෂිකාර්මික කටයුතු සඳහා ඊයේ (04) වනවිට රුපියල් බිලියන 9.6ක මුදලක් ‌ගොවි ජනතාව වෙත ලබා දී ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්ව ගොවි ගිණුම්වලටම මුදල් බැර කිරීමට පියවර ගත් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. රජය විසින් මේ සඳහා වැය කිරීමට අනුමත මුදල රුපියල් බිලියන 10කි. ඒ අනුව හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් බැගින් ගොවීන් මිලියන 1.2කට මෙම මුදල රජයෙන් ලබා දෙන අතර මුදල් අපහසුතා මධ්‍යයේ වුවද ගොවි ජනතාවට යම් සහනයක් ලබා දීමේ අරමුණින් රජය මෙම පියවර ගත් බව අමාත්‍යවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම