චිලී හි ලැව්ගිනිවලින් අවම වශයෙන් 112 ක පිරිසක් ජීවිතක්ෂයට
2024-02-05 11:32:36
Share with:

මධ්‍යම චිලී රාජ්‍යයේ ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් 112 ක පිරිසක් ජීවිතක්ෂයට පත්වෙති.

චිලී රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ඊයේ (4) මේ බව නිවේදනය කළේය. තහවුරු කරන ලද මරණ සංඛ්‍යාවට අමතරව, දින කිහිපයක් පුරා පැතිර යන ගින්නෙන් පුද්ගලයන් සිය ගණනක් අතුරුදහන් ව ඇති බව ද පැවසේ. නිවාස දහස් ගණනක් විනාශ වූ බව චිලී රජයේ නිල වාර්තාවක දැක්වෙයි.

ඊයේ (4) රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමතූ චිලී ජනාධිපති Gabriel Boric මහතා 5 වැනිදා සිට දින දෙකක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළේය. චිලී රාජ්‍යය ඉතා වේදනාකාරී ඛේදවාචකයකට මුහුණ දී සිටින බවත්, තුවාල ලැබූ හා මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බවත් ජනාධිපතිවරයා පවසා ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම