‘චීන මාදිලියේ නවීකරණය පිළිබඳ ෂී ජින්පිං ගේ ප්‍රකාශ සංග්‍රහයේ’ අනුවාද දෙකක් එළි දැක්වෙයි
2024-02-05 19:47:29
Share with:

 ‘චීන මාදිලියේ නවීකරණය පිළිබඳ ෂී ජින්පිං ගේ ප්‍රකාශ සංග්‍රහයේ’ ඉංග්‍රීසි අනුවාදය සහ ඉංග්‍රීසි-චීන භාෂා අනුවාදය එළි දැක්වෙයි.

මෙම ග්‍රන්ථය චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පක්ෂ ඉතිහාසය හා ලේඛන පර්යේෂණායතනයේ පරිවර්තනයකි. මෙම අනුවාද මධ්‍යම සම්පාදන හා පරිවර්තන මුද්‍රනාලය විසින් පසුගිය දා ප්‍රකාශයට පත් කර දෙස්-විදෙස් වශයෙන් බෙදා හරිනු ලැබිණ.

මෙම ග්‍රන්ථයේ 2012 වසරේ නොවැම්බර් මාසයේ සිට 2023 වසරේ ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ, චීන මාදිලියේ නවීකරණය පිළිබඳව ෂී ජින්පිං මහතා ගේ විග්‍රහයන් ඇතුළත්ව ඇත. චීන මාදිලියේ නවීකරණය යටතේ චීන ලක්ෂණයන්, එහි අනන්‍යතාවන් හා මූලධර්ම එමගින් ප්‍රශස්ත අයුරින් පැහැදිලි කර තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම