නැමීබියා ජනපතිගේ අභාවය වෙනුවෙන් චීන ජනපති ශෝක පණිවිඩයක් යොමු කරයි
2024-02-05 20:44:54
Share with:

නැමීබියාවේ ජනාධිපති Hage Geingob මහතාගේ අභාවය පිළිබඳව, චීන ජනාධිපති ෂි ජින් පිං මහතා ශෝක පණිවිඩයක් යොමු කර තිබේ. අද(5) එරට නව ජනාධිපති Nangolo Mbumba මහතා වෙත චීන රජය සහ ජනතාව වෙනුවෙන් හෙතෙම සිය බලවත් ශෝකය පළ කළේය.

Hage Geingob ජනාධිපතිතුමා සිය දේශපාලන දිවිය තුළ, චීන-නැමීබියා පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වයේ ගැඹුරු සංවර්ධනය ප්‍රවර්ධනය කළ අතර, චීන-නැමීබියා සහ චීන-අප්‍රිකා මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා වැදගත් දායකත්වයක් ලබා දී ඇති බව, ෂි ජින් පිං මහතා සඳහන් කළේ ය. චීනය සහ නැමීබියාව අතර ගැඹුරු සාම්ප්‍රදායික මිත්‍රත්වය චීනය අගය කරයි. නැමීබියාව සමඟ, දෙරට අතර පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වයේ අඛණ්ඩ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂි ජින් පිං මහතා සිය පණිවිඩයේ සඳහන් කර ඇත.  

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම