චීන වසන්ත උත්සව ප්‍රවර්ධන වීඩියෝ සහ නිෂ්පාදන විවිධ රටවල එළි දැක්වේ
2024-02-05 17:57:07
Share with:

චීනයේ එළඹෙන මකරාගේ වසර වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය පවත්වන වසන්ත උත්සවයේ ප්‍රවර්ධන වීඩියෝව අද(5) සිට CNN හි රූපවාහිනී නාලිකා කිහිපයක දී ඉහළ සංඛ්‍යාතයකින් විකාශනය ඇරඹේ. එය පෙබරවාරි 18වැනිදා දක්වා විකාශනය කෙරේ. මිලියන 400 කට ආසන්න විදේශීය පරිශීලකයින් එමඟින් ආවරණය කරනු ඇත.

මෙම වසරේ චීන වසන්ත උත්සවයේ ප්‍රවර්ධන වීඩියෝව ද ප්‍රථම වරට බහුවිධ වේදිකාවක් වන CNN Max හි විකාශනය කෙරිණ. එය ඇමරිකාව පුරා මිලියන 22 ක පරිශීලකයින් ආවරණය කරනු ඇත. බහු සංස්කෘතික පසුබිම් සහිත ඉහළ ආදායම් ලබන තරුණ තරුණියන් එහි ප්‍රධාන ප්‍රේක්ෂකයෝ වෙති.

මීට අමතරව, පෙබරවාරි 7වැනිදා සිට, CNN හි නිල වෙබ් අඩවිය සහ ඇප් මගින් "චීන වසන්ත උත්සව Gala සහ එම උත්සවයේ සංස්කෘතික කලාපය" විවෘත කරනු ඇත. මෙය බහුවිධ මානයන්ගෙන් විදේශීය ප්‍රධාන ධාරාවේ ප්‍රේක්ෂකයින් වෙත චීන වසන්ත උළෙල සම්ප්‍රදායික සංස්කෘතිය ව්‍යාප්ත කිරීමකි.

චීන මාධ්‍ය සමූහය පවත්වන වසන්ත උත්සවයේ ප්‍රවර්ධන වීඩියෝව සහ වසන්ත උත්සවයේ සමරු ක්‍රියාකාරකම්, ඊයේ(4) 2024 තායිලන්ත ජාත්‍යන්තර Muay Thai උළෙල මහා පරිමාණ තරඟ ඉසව්වේ දී ප්‍රදර්ශනය කෙරිණ. එදිනම චීන මාධ්‍ය සමූහය පවත්වන වසන්ත උත්සවයේ ප්‍රවර්ධන වීඩියෝව ජෝර්දානයේ Amman අගනුවර ජාත්‍යන්තර පාසලක දී  විකාශනය කර තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම