චීනයේ විදේශ ආයෝජන සහයෝගීතාවන්හි ප්‍රශස්ත වර්ධනයක්
2024-02-04 14:44:57
Share with:

2023 වසරේ චීනයේ විදේශ ආයෝජන සහයෝගීතාව ක්‍රමයෙන් වර්ධනය වී ඇතැයි චීන වාණිජ අමාත්‍යාංශය පවසයි. ඒ පිළිබඳ වාර්තාවක් අද (4) නිකුත් කෙරිණ.

2023 වසරේ කර්මාන්ත ක්ෂේත්‍රයේ සෘජු විදේශ ආයෝජනය චීන යුවාන් බිලියන 1041.85 ක් වූ අතර, එය පෙර වසරට වඩා 5.7% ක වැඩිවීමකි. ඒ අතරින්, විදේශීය මූල්‍ය නොවන සෘජු ආයෝජන චීන යුවාන් බිලියන 916.99 ක් වූ අතර එය 16.7% ක වර්ධනයක් වීම ද කැපීපෙනේ. එසේම, “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීම හා සම්බන්ධ රටවල් තුළ චීන ව්‍යවසායන්ගේ මූල්‍ය නොවන සෘජු ආයෝජනය චීන යුවාන් බිලියන 224.09 ක් විය.  එය 2022 වසරට සාපේක්ෂව 28.4% ක වර්ධනයකි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම