ජාතික නිදහස අභිමානයෙන් සැමරේ
2024-02-04 14:20:34
Share with:

76 වැනි නිදහස් දින සැමරුම් උලෙළ ගාලු මුවදොර පිටියේ දී අභිමානවත් ලෙස පැවැත්වෙයි. ‘හදමු අලුත් රටක්’  මෙවර ජාතික නිදහස් දින සැමරුම් උලෙළේ තේමාවයි.

නිදහස් දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවිසින් මහතා සහභාගි විය.

සැමරුම් පෙළපාලිය සඳහා යුද, ගුවන්, නාවික, පොලිස්, සිවිල් ආරක්ෂක බලකාය සහ ජාතික ශිෂ්‍යභට බලකායේ සාමාජිකයෝ පිරිසක් එක්වූහ. මීට අමතරව, ගුවන් යානා 19 ක් සහ ගුවන් හමුදාවේ නව තාක්ෂණික නිපැයුම් එක්කර තිබිණ.

ජාතික නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් යොමුකරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, වත්මන් ශ්‍රී ලංකාවේ ගමන් මඟ නිවැරදි බව මුළු ලෝකයම ඉදිරියේ සනාථ වී ඇති බැවින් එම මාර්ගයේ ඉදිරියට ගොස් යළි සෞභාග්‍යය උදා කර ගැනීමට අදිටන් කරගත යුතු බවයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු ද  නිදහස් දිනය නිමිත්තෙන් පණිවුඩ නිකුත් කරමින් කියාසිටියේ, නිදහස සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් කැපවීම සමස්ත පුරවැසියාගේ වගකීමක් වන බවයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම