ගාසා තීරයේ දැඩි මානූෂීය අර්බුදයක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි
2024-02-04 10:29:37
Share with:

ඊශ්‍රායල-හමාස් ගැටුමෙන් ගාසා තීරයේ මිය ගිය, තුවාල ලැබූ හා අතුරුදන් වූ පුද්ගල සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

පලස්තීන ප්‍රදේශයේ රැඳී සිටින ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිත Richard Peeperkorn මහතා ඉකුත් 2වැනි දා පැවති එක්සත් ජාතීන්ගේ නිත්‍ය හමුවේදී මේ බව පැවසීය. ගාසා තීරයේ වැසියන් පුද්ගලික ආරක්ෂාව, ආහාර, සෞඛ්‍යය හා ඉන්ධන ලබාගැනීම වැනි අවශ්‍යතා සපුරා ගත නොහැකිව ඉතා දුෂ්කර තත්ත්වයකට මුහුණ දී සිටින බව ද ඔහු එහිදී කියා සිටියේ ය. ගාසා තීරයේ රෝහල් 36 අතරින් අවම මට්ටමෙන් හෝ ක්‍රියාකාරීත්වයේ පවතින්නේ 13ක් පමණි. බරපතල ආහාර අනාරක්ෂිතභාවය හා ජල දූෂණය හේතුවෙන් ගාසා තීරයේ බෝවන රෝග පැතිර ගොස් ඇතැයි ද Richard Peeperkorn මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ඊශ්‍රායල-හමාස් ගැටුම හට ගැනීමෙන් පසු මේ දක්වා ගාසා තීරයේ ශ්වසන රෝග ආසාදිතයන් සංඛ්‍යාව 2 ලක්ෂ 40 දහසක් වන අතර පාචනයට ලක් වූ වයස අවුරුදු 5ට අඩු ළමුන් සංඛ්‍යාව එක් ලක්ෂ 60 දහසක් බව ලෝක සෞබ්‍ය සංවිධාන දත්තවල දැක්වේ.

 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම