සිරියාව හා ඉරාකයට එල්ල කළ ඇමරිකාවේ ප්‍රහාරය පිළිබඳව එක්සත් ජාතීන් ප්‍රතිචාර දක්වයි
2024-02-04 09:31:57
Share with:

ආතතීන් ලිහිල් කරන ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානය සිරියාව හා ඉරාකයට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරයි.

තවදුරටත් උග්‍ර වන තත්ත්වය සැලකිල්ලට ගනිමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා එම ඉල්ලීම කළ බව ජගත් මහලේකම්වරයාගේ ප්‍රකාශක Stephane Dujarric මහතා ඊයේ (3) චීන මාධ්‍ය සමූහය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. ගැටළු බරපතලවීමෙන් අදාළ කලාපවල ආර්ථිකයට හා ජනතාවට එල්ලවන බලපෑම් සමබන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව António Guterres මහතා අවධාරණය  කර ති‍‍බේ.

රුසියාවේ යෝජනාවට අනුව,  ඇමරිකාවේ ප්‍රහාරය පිළිබඳව හෙට (5) හදිසි රැස්වීමක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තීරණය කර ඇති බව ද වාර්තා වෙයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම