චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගය පිළිබඳ පූර්විකා වැඩටසහන් ලාඕසයේ දී
2024-02-04 17:18:02
Share with:

චීනයේ සාම්ප්‍රදායික නව වසර හෙවත් වසන්ත උත්සවය නිමිත්තෙන් චීන මාධ්‍ය සමූහය ඉදිරිපත් කරන දැවැන්ත සංස්කෘතික ප්‍රසංගය පිළිබඳ පූර්විකා වැඩසටහන් ලාඕසයේ පැවැත්වෙයි. පසුගිය පළමුවැනි දා ඇරඹුණු එම වැඩසටහන් මාලාව එහි ජනතාව හා විදෙස් සංචාරකයන් වෙත වසන්ත උත්සවය පිළිබඳ චමත්කාරජනක අත්දැකීම් තිළිණ කර ඇත.

ලාඕස අග්‍රාමාත්‍ය Sonexay Siphandone මහතා එම වැඩසටහන් මාලාව පිළිබඳ අදහස් දක්වමින්, දෙරට අතර පවතින ජනතාවාදී පැවැත්ම ඉහළ ඇගැයීමට ලක් කළේ ය. වසන්ත උත්සවයට අදාළ සංස්කෘතික සැරසිලි ලාඕසයේ නගර ආලෝකවත් කර තිබේ. සංචාරක කර්මාන්තයට ද එමගින් ඉහළ උත්තේජනයක් සපයා ඇත. ලාඕස ජනතාවට චීන සංස්කෘතිය හා කලාව පිළිබඳව තවදුරටත් අවබෝධ කර ගත හැකිවනු ඇතැයි ද ලාඕස අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම