ඇමරිකා-බ්‍රිතාන්‍ය හමුදා කණ්ඩායම් යේමනයට යළි ප්‍රහාරය එල්ල කරයි
2024-02-04 10:55:48
Share with:

ඇමරිකාව හා බ්‍රිතාන්‍යය හමුදා කණ්ඩායම් යේමනයට යළි ප්‍රහාරය එල්ල කරයි.

ඕස්ට්‍රේලියාව, බහරේන්, කැනඩාව, ‍ඩෙන්මාර්ක්, නෙදර්ලන්තය හා නවසීලන්තය යන රටවල සහය ඇතිව ඇමරිකාවේ හා බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අංශ යේමනයේ Houthi සන්නද්ධ කණ්ඩායමේ පාලනය යටතේ පවතින හමුදා ඉලක්ක වෙත නව වටයේ ප්‍රහාර එල්ල කළ බව ඇමරිකානු ජාතිකාරක්ෂක ලේකම් Lloyd Austin ඊයේ(03) නිවේදනය කළේය. ‘ඉරානයේ සහය යටතේ Houthi සන්නද්ධ කණ්ඩායම් රතු මුහුදු කලාපයේ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව’ තවදුරටත් දුර්වල කිරීම එහි අරමුණ බව ද එහිදී ප්‍රකාශ කෙරිණ.‍

යේමනයේ සානා අගනගරය, Hajjah,  Dhamar හා Bayda යන පළාත්, ඇමරිකා-බ්‍රිතාන්‍ය ඒකාබද්ධ හමුදා කණ්ඩායමේ ගුවන් ප්‍රහාරයන්ට ලක් වූ බව Houthi කණ්ඩායමේ පාලනය යටතේ පවතින රූපවාහිනී සේවයක් ද ඊයේ(03) වාර්තා කර ඇත.

ඊශ්‍රායලය ගාසා තීරයේ ආක්‍රමණ නතර කරන තෙක් සිය කණ්ඩායම එරටට එරෙහි යුදමය මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බව Houthi කණ්ඩායම අද(04) නිවේදනය කර ඇත. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම