76වැනි නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා‍ට චීන විදේශ අමාත්‍යවරයාගෙන් සුබ පැතුම්
2024-02-04 11:46:11
Share with:

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 76වැනි නිදහස් දින සැමරුම වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය Wang Yi මහතා අද(4) ශ්‍රී ලංකා‍ විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමු කර ඇත.

චීනය සහ ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික සමීප අසල්වැසියන් බව Wang Yi මහතා එහිදී ප්‍රකාශ කරයි. දෙපාර්ශ්වය සැමවිටම එකිනෙකා පිළිබඳ අවබෝධයෙන් සහ සහයෝගයෙන් කටයුතු කර ඇත. එමෙන්ම මෙම ද්විපාර්ශ්වීය සබඳතාව රටවල් අතර මිත්‍රශීලී සහජීවනය සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවයේ ආදර්ශයක් බව ද ඔහු සඳහන් කළේ ය.

දෙරටේ නායකයින් ඇති කර ගත් වැදගත් එකඟතාවයන් ක්‍රියාත්මක කිරීමට සහ චීන-ශ්‍රී ලංකා සබඳතා අඛණ්ඩව නව ප්‍රගතියක් කරා ගෙන යාම ප්‍රවර්ධනය කිරීමට අලි සබ්රි මහතා සමග කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ද Wang Yi මහතා එම පණිවිඩයෙන් අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම