මෙම වසරේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පළමු ලේඛනය නිකුත් කෙරේ
2024-02-04 09:45:06
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වන ජාතික කොංග්‍රසයේ සිට 12 වැනි "කෘෂිකර්මාන්තය, ග්‍රාමීය ප්‍රදේශ සහ ගොවීන්" පිළිබඳ චීන මධ්‍යම අංක 1 ලේඛනය හෙවත්, මෙම වසරේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පළමු ලේඛනය නිකුත් කෙරේ.

"ගම් දහසක් ආදර්ශ ගම්මාන බවට පත් කිරීම සහ ගම් දස දහසක් වැඩිදියුණු කිරීම" යන ව්‍යාපෘතියේ අත්දැකීම්, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ රාජ්‍ය මණ්ඩලය අධ්‍යයන හා භාවිත මගින්, විස්තීරණ ග්‍රාමීය පුනර්ජීවනය ඵලදායී ලෙස ප්‍රවර්ධනය කිරීම පිළිබඳ යෝජනා හා අදහස්, ඊයේ (3) නිකුත් කෙරුණු මෙම චීන මධ්‍යම අංක 1 ලේඛනයට අන්තරගත වෙයි.

විස්තීරණ ග්‍රාමීය පුනර්ජීවනය ඵලදායී ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා "මාර්ග සිතියමක්" මෙම ලේඛනයෙන් යෝජනා කෙරේ. ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම, මහා පරිමාණයෙන් දරිද්‍රතාව නැවත ඇති නොවන බවට තහවුරු කිරීම, "ග්‍රාමීය කර්මාන්තවල සංවර්ධන මට්ටම, ග්‍රාමීය ඉදිකිරීම් මට්ටම හා ග්‍රාමීය පාලන මට්ටම" ඉහළ නැංවීම, "කෘෂිකර්මාන්තය, ග්‍රාමීය ප්‍රදේශ සහ ගොවීන්" සඳහා පක්ෂයේ සමස්ත නායකත්වය ශක්තිමත් කිරීම ඊට ඇතුලත් ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම