76වැනි නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ජනපතිට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-02-04 10:50:40
Share with:

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 76වැනි නිදහස් දිනය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(4) ශ්‍රී ලංකා‍ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමු කරයි.

චීනය හා ශ්‍රී ලංකාව අන්‍යෝන්‍ය වශයෙන් අවංකව සහයෝගය දක්වන, පාරම්පරිකව මිත්‍රශීලි උපායමාර්ගික සහයෝගතා හවුල්කරුවන් වන බව ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ. මෑත වසරවල දෙරටේ සම්බන්ධතාවය විධිමත් හා ස්ථාවර වර්ධන ප්‍රවණතාවක පවතී. පසුගිය ඔක්තෝබර් මාසයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා චීනයේ පැවති තුන්වන එක් තීරයක් එක් මාවතක් ජාත්‍යන්තර සහයෝගතා සම්මේලනයට එක් වූ අතර තමා සමග සුහද ව අදහස් හුවමාරු පවත්වා පුළුල් පොදු අදහස්වලට එළඹ ඇතැයි ෂී ජින්පිං මහතා සිහිපත් කළේය. තමා ශ්‍රී ලංකාව සමග සම්බන්ධතාවය ඉහලින් අගය කරන අතර වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග එක්ව සාම්ප්‍රදායික මිතුදම හා ‍අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය තහවුරු කර එකිනෙකාගේ කේන්ද්‍රීය කරුණු හා වැදගත් ප්‍රශ්නවලදී අඛණ්ඩව අන්‍යෝන්‍ය අනුබලය දැක්වීමට බලාපොරොත්තු වන බව ද ඔහු කීය. එසේම එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඉහල ගුණාත්මකභාවයෙන් යුතුව පොදුවේ සංවර්ධනය කිරීමේ සහයෝගතාව තවදුරටත් ප්‍රතිඵල අත්කර ගනිමින් උපායමාර්ගික සහයෝගතා හවුල්කාරීත්වය ස්ථාවරව ඉදිරියට මෙහෙයවමින් දෙරටේ ජනතාවට වැඩි සුබසෙත නිර්මාණය කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

මේ අතර චීන අගමැති ලී ච්‍යං මහතා ද ශ්‍රී ලංකා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා  වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමු කර තිබේ. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම