නව වෛද්‍යවරුන් 600 කට පත්වීම්
2024-02-03 17:01:03
Share with:

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 600 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ. සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී ඊයේ (2) එම උත්සවය පැවැත්විණ.

දැනට පවතින පුරප්පාඩු පිරවීම සදහා මෙම වෛද්‍යවරුන් දිවයින පුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මේ වනවිට මෙරට සෞඛ්‍ය  සේවාව තුළ 22,000 ඉක්ම වූ වෛද්‍ය නිලධාරි කාර්ය මණ්ඩලයක් සේවයේ නියුතු වන අතර, 2022 වසරේ දී පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්  1622 දෙනෙකුට පත්වීම් ලබාදීමට ද  සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තේය.

අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේ, පවතින ආර්ථික ගැටළු හමුවේ වුව ද මෙරට ජනතාවට ගුණාත්මක හා විධිමත් සෞඛ්‍ය සේවාවක් ලබාදීම අරමුණු කර ගනිමින් මෙම පත්වීම් ලබාදෙන බවයි.  අඩු පිරිවැයකින්, ඉතා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සපයන රටවල් කිහිපය අතරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පවසා ඇත. මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා සහ රෝග නිවාරණ අංශ ද ප්‍රශස්ත මට්ටමක පවතින බව හෙතෙම කියාසිටී.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම