ඉරාන සහයෝගය හිමි සන්නද්ධ කණ්ඩායම්වලට ඇමරිකාවෙන් ප්‍රහාර
2024-02-03 14:47:40
Share with:

ඇමරිකානු හමුදාව සිරියාවේ සහ ඉරාකයේ, ඉරාන සහයෝගය හිමි සන්නද්ධ කණ්ඩායම්වල ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර ආරම්භ කර ඇත. ඒ, පසුගියදා ඩ්‍රෝන ප්‍රහාරයකින් ජෝර්දානයේ ස්ථානගතව සිටි ඇමරිකානු භටයන් තිදෙනෙකු මියයාමේ සිද්ධියට පළිගැනීමක් වශයෙනි. ඇමරිකාවේ මාධ්‍ය කිහිපයක් ඊයේ (2) මේ බව වාර්තා කර ඇත.

අදාළ සන්නද්ධ සංවිධාන මූලස්ථාන, ආයුධ ගබඩා සහ ඔවුන් සතු සෙසු පහසුකම් ඇතුළු විවිධ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා ඇමරිකානු හමුදාව ඊයේ (2) ප්‍රහාරක ගුවන් යානා සහ ඩ්‍රෝන යානා යෙදවූ  බව නිර්නාමික ඇමරිකානු නිලධාරීන් උපුටා දක්වමින් ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම